ශ්‍රී ලංකාවෙන් චීන වෙළඳපොළට තිරිඟු නිවුඩු පෙති අපනයනය කිරීමට පියවර

ශ්‍රී ලංකාවෙන් චීන වෙළඳපොළට තිරිඟු නිවුඩු පෙති අපනයනය කිරීමට අදාළව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සහ මහජන චීන සමුහාණ්ඩු රේගුවේ සාමාන්‍ය පරිපාලනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරෙන බව බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය , කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (10) පවතී කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

තිරිඟු පිටි සැකසීමේ දී මෙරටට ආනයනය කරනු ලබන තිරිඟු බිජ වලින් 20% ක ප්‍රමාණයක් නිවුඩ්ඩ ලෙස ඉවත් කරනු ලැබේ. මෙසේ ඉවත් කරන නිවුඩ්ඩ, තිරිඟු නිවුඩු පෙති ලෙස චීනයට අපනයනය කිරීම මඟින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගැනීමට හැකියාව තිබේ. ඒ සඳහා නිශ්චිත ක්‍රියාපටිපාටියක් අනුගමනය කිරීමට දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමේ අවස්යතාවය හඳුනාගෙන ඇති බැවින් කෙටුම්පත් කරනු ලැබ ඇති අවබෝධතා ගිවිසුම සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයේ එකඟත්වය ලබා දී ඇති බව අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය. ඒ අනුව එකී අවබෝධතා ගිවිසුම කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සහ මහජන චීන සමුහාණ්ඩු රේගුවේ සාමාන්‍ය පරිපාලනය අතර අත්සන් තැබීම පිණිස කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *