ඌරන් අතර පැතිර යන රෝගය අප්‍රිකානු සූකර රෝගය ලෙස හඳුනා ගනී

ශ්‍රී ලංකාවේ ගොවිපොළ ඌරන්, ගෘහාශ්‍රිත ඌරන් සහ වල් ඌරන් අතර පැතිර යන Porcine Reproductive and Respiratory Syndrome (PRRS) නමින් කලින් හැඳින්වූ අතිශයින් බෝවන වෛරස් රෝගය අප්‍රිකානු සූකර රෝගය / African Swine Disease ලෙස හඳුනාගෙන ගත් බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පවසන පරිදි මුලින් වල් ඌරන්ට වැළඳුණු මෙම රෝගය මේ වන විට ගොවිපළවල සිටින ඌරන් දක්වාද පැතිරීමට පටන් ගෙන තිබේ.

මෙම තත්ත්වය හමුවේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර ඌරන් ප්‍රවාහනය අත්හිටුවා ඇත.

එම දෙපාර්තමේන්තුව මීට පෙර ඌරන් ප්‍රවාහනය සඳහා පශු වෛද්‍ය සහතිකයක් අනිවාර්ය කර තිබුණි.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *