කොමර්ෂල් බැංකුවෙන් කෘෂි නවීකරණ වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ ප්‍රමුඛ සමාගම් එක් කර ගනිමින් කොමර්ෂල් බැංකුව විසින් වවුනියාව ප්‍රදේශයේ දී ගොවීන් සඳහා පැවැත්වූ කෘෂි නවීකරණ වැඩසටහනක් තුළින් නවීන තාක්ෂණික ක්‍රමවේද හඳුන්වා දීම සහ එම ගොවීන් අතර සුහුරු කෘෂිකර්මාන්තය ප්‍රචලිත කිරීම ද සිදු විය.

හේලීස්, ඇස්ටාර්, ජෝන් ඩියර්, ඩීමෝ, CIC සහ බ්‍රවුන්ස් යන සමාගම් මෙන්ම ගොවිජන නිෂ්පාදන මධ්‍යස්ථානයේ ඩ්‍රෝන ඒකකයේ නියෝජිතයින් මෙම වැඩසටහනට සහභාගි විය.

ගොවීන් මුහුණ දෙන බාධක හා අභියෝග අවම කළ හැකි විසඳුම් හඳුන්වා දීම සඳහා මෙම කෘෂි නවීකරණ වැඩසටහන කදිම වේදිකාවක් විය. එහිදී සම්පත් ප්‍රශස්ත ලෙස භාවිත කිරීම, පිරිවැය අඩු කිරීම හා ලාභ වැඩි කර ගැනීම පිළිබඳ ප්‍රායෝගික කරුණු ඉදිරිපත් කරමින් ඒ සඳහා තිරසර භාවිතයන් සහ නවීන තාක්ෂණය යොදා ගන්නේ කෙසේද යන්න දැනුම්වත් කරන ලදි.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *