මහ­ර ගොවීන්ට ඉත්තෑවන් හිසරදයක් වෙලා – වගා හානි ඉහළට

මහර ගොවිජන සේවා බල ප්‍රෙද්ශයට අයත් කිරි­ල්ල­වල, ඉඳි­ග­හ­මුල, වෑබඩ සහ ගෝන­හේන යන ප්‍රදේශ ආශ්‍රි­තව ශීඝ්‍ර­යෙන් ඉත්තෑ­වන් බෝ වීම හේතු­වෙන් ප්‍රදේ­ශය ආශ්‍රි­තව වගා කර ඇති පොල් පැළ, අල, බතල ඇතුළු විවිධ භෝග වර්ග ඉත්තෑ­ව­න්ගෙන් බේරා­ගැ­නී­මට නොහැකි වීමෙන් ප්‍රදේ­ශ­වා­සීහු විවිධ ගැට­ලු­ව­ලට මුහුණ පා සිටිති.

මේ වන විට මෙම ඉත්තෑ­වන්ගේ ගහ­නය ශීඝ්‍ර­යෙන් වැඩි වීමත් සම­ඟම ප්‍රදේ­ශයේ විවිධ පුද්ග­ල­යන් විසින් එම ඉත්තෑ­වන් මර මස් වැඩි මිලට විකි­ණීමේ ජාවා­ර­මක් ද සිදු කරන බව ප්‍රදේ­ශ­වා­සීහු පෙන්වා දෙති. මුල් කාලයේ කැලෑ­බද ප්‍රදේ­ශ­වල වාසය කළ ඉත්තෑ­වන් මේ වන විට ජනා­කීර්ණ ප්‍රදේශ දක්වා ශීඝ්‍ර­යෙන් වර්ධ­නය වී ඇති බැවින් දින­ප­තාම නිවාස ආශ්‍රිත ප්‍රදේ­ශ­ව­ලට ඇතුළු වන ඉත්තෑ­වන් ගෙවතු වගා බිම් විනාශ කිරීම හේතු­වෙන් ප්‍රදේ­ශ­වා­සීහු දැඩි පීඩා­වට ලක්ව ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති.

ඒ අනුව මහර ආස­න­යට අයත් කිරි­ල්ල­වල, ඉඳි­ග­හ­මුල, වෑබඩ, ගෝන­හේන යන ප්‍රදේශ ආශ්‍රි­තව බෝ වී ඇති ඉත්තෑ­වන් අල්ලා සුදුසු අභ­ය­භූමි වෙත මුදා­හ­රින ලෙසට ඔවුහු අදාළ අංශ­ව­ලින් වැඩි­දු­ර­ටත් ඉල්ලා සිටිති.

 ගණිඳු රෝචන සම­ර­තුංග – දිනමිණ ඇසුරිනි

 

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *