KIST සහ USAID CATAYZE Sri Lanka Private Sector Development ක්‍රියාන්විතය හා සහයෝගීතාවයෙන් අරඹන ලද තක්කාලි වගාකිරීමේ ව්‍යාපෘතිය මේ වන විට ඉතා ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇත.
මෙම ව්‍යාපෘතිය හරහා විදේශීය ආනයනයන් මත යැපීම අවම කරමින් KIST සෝස් නිෂ්පාදනයට අවශ්‍ය කරන තක්කාලි දේශීය ගොවීන්ගෙන් ලබාගැනීම ඉහළ නංවා ග්‍රාමීය ගොවි ප්‍රජාවට ඉහළ ආදායමක් ලබාගැනීමට අවස්ථාව උදාකර දී ඇත. එමෙන්ම KIST සෝස්වල ඇති දීප්තිමත් රතු පැහැය, රස සහ ගුණාත්මක බව කිසිදු කෘත්‍රිම රසකාරක හෝ වර්ණක අඩංගු නොකරන බවට ද සහතික කරයි.
මෙම නිම වූ ව්‍යාපෘතිය දැක බලා ගැනීමට ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ආර්ථික වර්ධන කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෙස්නර් මහතා සහ USAID CATALYZE PSD හි ක්‍රියාකාරී ප්‍රධානී ජුවාන් ෆොරේරෝ මහතා තඹුත්තේගම ගොවිපොළට මෑතක දී පැමිණ වැඩසටහනෙහි දියුණුව සහ ප්‍රගතිය ඔවුන් නිරීක්ෂණය කරන ලදි. එහිදී අති නවීන සාර්ථක කෘෂිකාර්මික ක්‍රියාකාරකම් ක්‍රියාත්මක වන ආකාරය හා දේශගුණික වාතාවරණයන්ට සුදුසු ස්මාර්ට් කෘෂි තාක්ෂණය භාවිතය මඟින් තක්කාලි ඵලදාවන්වල ගුණත්වය සැලකිය යුතු මට්ටමකින් වැඩිදියුණු කිරීමට ව්‍යාපෘතිය හරහා සිදුවෙන මෙහෙය ඔවුන්ගේ පැසසුමට ලක්විය.
මෙම සහයෝගීතාවය හරහා ගොවීන්ට ඉහළ ඵලදායිතා ප්‍රතිලාභ අත්කර ගැනීමට හැකි වීමට අමතරව යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) අනුගමනය කිරීම පිළිබඳ සහතිකය ලබාගැනීමට ද මඟපෙන්වීමක් සිදුවන අතර ඒ හරහා KIST සෝස් නිෂ්පාදනයට යොදාගන්නා තක්කාලි ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව වගා කරන බව ද සහතික වේ.