කෘෂිකාර්මික අංශයේ විප්ලවීය වෙනසක් ඇති කරනවා – ජනාධිපති අනුර දිසානායක

ජාතික ජන බලවේගය රජයක් යටතේ කෘෂිකාර්මික අංශයේ විප්ලවීය වෙනසක් ඇති කරනවා යැයි ජනාධිපති අනුර දිසානායක මහතා අද (21)  10 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ආරම්භ කරමින් කළ විශේෂ කතාවේ දී ප්‍රකාශ කළේය.

ජනපති අනුර දිසානායක මහතා වැඩි දුරටත්  මෙසේ ද ප්‍රකාශ කළේය, ”වගේම කෘෂිකර්මාන්තය. අපි දන්නවා අපට ඒ සඳහා අවශ්‍ය ඉතාමත් යෝග්‍ය පරිසරයක් තිබෙනවා.මහපොළොවත් එක්ක හැප්පෙන්න පුළුවන් මහා ගොවි ජනතාවක් ඉන්නවා. හැබැයි අවසන් ප්‍රතිඵලය බවට පත්වී තිබෙන්නේ ණයගැති භාවයට පත්වුණු ගොවි ජනතාවක්. තමන්ගේ කනකර පවා බැංකුවට උකස් තියන්න සිදුවුණු ගොවි ජනතාවක්. වතුර මෝටරය උකස් කියන්න සිදුවුණු ගොවි ජනතාවක්. අපි දීර්ඝ ලෙස කෘෂි කර්මාන්තය වෙනුවෙන් ආයෝජනය කර තිබෙනවා. පසුගිය දශක ගණනාවක් තිස්සේ අපි බැලුවොත් වාරි කර්මාන්ත ක්ෂේත්‍රයට විශාල ආයෝජනයක් ඇතිකර තිබෙනවා. වර්තමානයේ මා දන්නවා වාරි ක්ෂේත්‍රය වර්ධනය කිරීම සඳහා විශාල ආයෝජනයන් අපි සිදුකරමින් තිබෙනවා. කෘෂිකර්මාන්තයේ පර්යේෂණයන් සඳහා අපි විශාල වැය බරක් සිදුකර තිබෙනවා.හැබැයි අවසන් ප්‍රතිඵලය බවට පත්වී තිබෙන්නේ කුමක්ද? ගොවියා ණය බරිත ගොවියෙක් බවට පත්වී තිබෙනවා. ණය බරිතභාවය ඔවුන් සමාජයේ කොන් වූ පුරවැසියෙක් බවට පත්කරනවා. සෞඛ්‍ය අනාරක්ෂිතතාවය ඇතිකර තිබෙනවා.

දරුවන්ගේ අධ්‍යාපනය බිඳ වට්ටවා තිබෙනවා. පහසුකමක් ඇති නිවාසත් නැති තත්ත්වයට පත් කර තිබෙනවා.කෘෂි ජීවිතයත් සමඟ ගැට ගැහුණු ගොවියාගේ දරිද්‍රතාවය විශාල සමාජ ඛේදවාචකයක් බවට පත්වී තිබෙනවා.ඒ නිසා අපි කෘෂිකර්මාන්තයේ නව නැවුම් පිම්මක් ගැනීම අපේ අපේක්ෂාවයි. , විශේෂයෙන්ම අපි යළිත් අපේ බීජ පර්යේෂණාගාර දියුණු කළ යුතුයි. බීජ ගොවිපළවල් දියුණු කළ යුතුයි. යළි ශක්තිමත් කෘෂි ව්‍යාප්ති සේවාවක් අපි ආරම්භ කළ යුතුයි. අපේ ලංකාව තුළ අවශ්‍ය වන කෘෂි නිෂ්පාදනයන් පමණක් නොවෙයි අපනයන වෙළෙඳපොළ ඉලක්ක කර කෘෂි නිෂ්පාදනයන්ට අපි අවතීර්ණ විය යුතුයි.
කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නවෝදයක් අපි අත්පත් කරගන්නේ නැතුව ගොවී ජනතාවගේ ජීවිතය ඉදිරියට ගත හැකියි කියා අපි විශ්වාස කරන්නේ නැහැ. අපි ඒකට වේගයෙන් පිම්මක් ගත හැකි ස්ථානයක් ලෙස අපි කල්පනා කරනවා. නිසාම අපි කෘෂි කර්මාන්තයට ආරම්භයේදීම හෙක්ටයාරයක් සඳහා රුපියල් පහළොස්දහසක් ලබා දුන් පොහොර සහනාධාරය රුපියල් 25000 දක්වා වැඩි කළා. තවත් සහනාධාර ලබාදිය යුතු ස්ථාන තිබෙනවා නම් අපි සහනාධාර ලබාදෙන්න ලෑස්තියි. මොකද කෘෂිකර්මාන්තය අපේ රටේ ආර්ථිකයේ ප්‍රධාන කොටසක් බවට පත් කළ යුතුයි.

ඒ වගේම අපි කල්පනා කරනවා ධීවර කර්මාන්තය ගැන. අපිට අපේ රට වගේ අට ගුණයක මහා මුහුදක් තිබෙනවා. හැබැයි අපි ඒ මහ මුහුදෙන් නෙළා ගන්නා ඒ මහා සම්පතෙන් උපයෝගී කරගන්නේ ඉතා කුඩා ප්‍රමාණයක්. ධීවර කර්මාන්තයෙන් අපේ ආර්ථිකයට විශාල පිම්මක් ගත හැකියි. පහුගිය කාලේ ඉන්ධන හා භාණ්ඩ වල මිල ඉහළ යාම හේතු කොටගෙන විශාල බෝට්ටු ප්‍රමාණයක් මුහුදු යනවා වෙනුවට වැල්ලේ ගැටගසා තිබුණා.

බෝට්ටු වැල්ලේ ගැට ගසා තිබීමෙන් කිසිදු ප්‍රතිඵලයක් ලැබෙන්නේ නෑ. ඒ නිසා අපේ පළමු අභිප්‍රාය බවට පත්වුණේ වැල්ලේ ගැට ගසා තිබූ බෝට්ටු නැවත මහ මුහුදට දියත් කිරීමයි. ඒ නිසා තමයි අපි ආරම්භයේදීම ධීවර ජනතාව සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට කටයුතු කළේ. අපිට දැනට ලැබෙන තොරතුරු අනුව වැල්ලේ ගැට ගසා තිබූ බෝට්ටු සියල්ල ම නැවත දියඹට දියත් කරලා තිබෙනවා. ඒක හොඳ ලක්ෂණයක්. ආර්ථිකය පිම්මක් ගත යුතු තැන්’

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *