ජාත්‍යන්තර පොල් ප්‍රජාවගේ 60 වන සැසිවාරය හා අමාත්‍ය හමුව කොළඹ දී ඇරඹෙයි

ජාත්‍යන්තර පොල් ප්‍රජාවගේ ( International Coconut Community ICC) 60 වන සැසිවාරය හා අමාත්‍ය හමුව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) කොළඹ දී ආරම්භ විය.  රටවල් 21ක් නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් මීට සහභාගී වී සිටී. 

ජාත්‍යන්තර පොල් ප්‍රජාවගේ (ICC) 60 වන සැසිවාරයේ සභාපතිවරයා ලෙස වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් බී. කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ද  මීට එක්ව සිටියේ ය.

ශ්‍රී ලංකාව, ෆීජි, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජැමෙයිකාව, කෙන්යාව, මැලේසියාව, පැපුවානිව්ගිනියාව, පිලිපීනය, සොලමන් දූපත්, තායිලන්තය, වියට්නාමය, කෝච් ඩි’ඉවොර්, මයික්‍රොනීසියා ෆෙඩරල් රාජ්‍යය, ගුයානා, කිරිබට්, මාෂල් දූපත්, සැමෝආ, ටීමෝර් ලෙස්ට්, ටොන්ගා, වැනුආටු යන රටවල් ඊට අයත් වේ.

මෙහි දී අදහස් දක්වමින් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා කියා සිටියේ පොල් වගාව ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධානතම සාධකයක් මෙන්ම සංස්කෘතිකමය වශයෙන් ඉතා වැදගත් ක්ෂේත්‍රයක් බවයි. එමෙන්ම පොල් කර්මාන්තය තුළින් හිමි වන ආර්ථික දායකත්වය ඉහළ නංවා ගැනීමට සියලු රටවල් එක්විය යුතු බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසීය.

මෙහි දී ශ්‍රී ලංකාවේ හොඳම පොල් වගාකරුවාට හිමි ඇඟයීමට හිමිකම් කියනු ලැබූයේ ශකිල විජේවර්ධන මහතායි. ශ්‍රී ලංකාවේ පොල් වගාව සම්බන්ධයෙන් කටයුතු කළ හොඳම රජයේ නිලධරයා සම්මානය දිනා ගත්තේ පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය සනාතනී රණසිංහ මහත්මියයි.

මෙම සැසිවාරය නොවැම්බර් 28 දක්වා පැවැත්වීමට නියමිතය.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *