කුඩා රබර් වතු හිමියන්ගේ ජීවන මට්ටම නැංවීමට සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ කුඩා රබර් වතු හිමියන් 6,000 දෙනෙකුගේ ආර්ථික, සමාජීය, සහ පාරිසරික කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන RIVER (Improvement of Value Chain & Embedded Smallholders Resilience) ව්‍යාපෘතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රමුඛත්වයෙන් පසුගිය දා (09) පැවැත්විණි.

මෙම ව්‍යාපෘතිය මඟින් බඩල්කුඹුර සහ මැදගම ප්‍රදේශවල කුඩා රබර් වතු හිමියන්ට විශේෂිත තාක්ෂණික පුහුණු වැඩසටහන් සහ ඩිජිටල් විසඳුම් ලබා දී, ආදායම් විවිධාකරණය සහ රබර් කර්මාන්තයේ ආරක්ෂිත වැඩ පද්ධති ශක්තිමත් කිරීමට කටයුතු කෙරේ.

මෙම ව්‍යාපෘතිය ප්‍රංශ තානාපති කාර්යාලය, Michelin Group, සහ ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයගේ සහය සමඟ ප්‍රංශ ආර්ථික අරමුදල් මූල්‍ය ආධාරයෙන් සංවර්ධනය කර තිබේ. Ksapa නම් ප්‍රංශ සංවිධානයක් මඟින් මෙය ප්‍රමුඛත්වයෙන් ක්‍රියාත්මක කරන අතර, රබර් පර්යේෂණ ආයතනය, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව, සහ රාජ්‍ය-පුද්ගලික හවුල්කරුවන්ගේ සහයෝගයද ලබාගෙන ඇත.

මේ සඳහා අමාත්‍යංශ ලේකම්, ප්‍රංශ නියෝජිතයින්, ව්‍යාපෘති කණ්ඩායම්, සහ ශ්‍රී ලංකා රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් රැසක් සහභාගී වී සිටියහ.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *