තෝරාගත් දේශගුණ විපර්යාශයන්ගේ බලපෑමට නතුවන කලාපවල කුඩා පරිමාණ ගොවීන්ගේ, කෘෂිකාර්මික අංශයේ ඵලදායිතාව වැඩිදියුණු කිරීම සහ දේශගුණයට ඔරොත්තු දීමේ හැකියාව අරමුණුනින් ලෝක බැංකු ආධාරමත කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය රුපියල් මිලියන 13000ක වියදමින් වැව් 470ක ප්‍රතිසංස්කරණ කටයුතු නිම කරයි.
වයඹ, උතුරුමැද, උතුර, නැගෙනහිර, ඌව සහ දකුණ යන පළාත් 06 ආවරණය කරමින් දිස්ත්‍රික් 11ක ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැව් 116ක ද, පුත්තලම දිස්ත්‍රික්කයේ වැව් 28ක ද, අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 56ක ද, පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වැව් 10ක ද, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ වැව් 34ක ද, මුලතිව් දිස්ත්‍රික්කයේ වැව් 47ක ද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැව් 29ක ද, මඩකලපුව දිස්ත්‍රික්කයේ වැව් 21ක ද, අම්පාර දිස්ත්‍රික්කයේ වැව් 19ක ද, මොණරාගල දිස්ත්‍රික්කයේ වැව් 36ක ද සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැව් 74ක ද, මේ අන්දමින් ප්‍රතිසංස්කරණ කටයුතු නිම කර ඇත. මේනිසාම මේ නිසා රටේ කෘෂි ආර්ථිකය නංවාලීම සඳහා ගොවි පවුල් 30,000කට අක්කර 38,000ක භූමි ප්‍රමාණයක වගා කටයුතු කරගෙන යාමට හැකිවනු ඇත.
මෙයට අමතරව 2025 වසරේ දෙසැම්බර් වනවිට තවත් වැව් 205 ක් ප්‍රතිසංස්කරණය කිරීමට දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය සැලසුම් සකස් කොට ඇති අතර ඒ සඳහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් මිලියන 4200කි. මින් ගොවි පවුල් 12000කට සෙත සැලසෙන අතර අක්කර 15000ක වගා කටයුතු කරගෙන යාමට හැකිවනු ඇත.
source:https://www.agrimin.gov.lk