පලතුරු සහ එළවළුවල පසු අස්වනු හානි අවම කිරීමේ වැඩසටහනක්

“අපනයනකරුවන් සහ අපනයන හැකියාව ඇති ව්‍යවසායකයන් සඳහා පලතුරු හා එළවළු ආශ්‍රිත ඇසුරුම්කරණ විසඳුම්” පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය දා අපනයන සංවර්ධන මණ්ඩලයේ දී  පැවැත්විණි.

අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) යටතේ පිහිටුවා ඇති ජාතික ඇසුරුම්කරණ මධ්‍යස්ථානය (NPC) මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

වැඩමුළුව පැවැත්වීමේ එක් අරමුණක් වන්නේ නව්‍ය ඇසුරුම්කරණ විසඳුම් හරහා පලතුරු සහ එළවළුවල පසු අස්වනු හානි අවම කිරීම මඟින් ආර්ථිකයට ප්‍රතිලාභ ලබා දෙමින් අපනයන නිෂ්පාදනවල වටිනාකම ඉහළ නැංවීමයි.

ශ්‍රී ලංකාවේ පසු අස්වනු හානිය සැලකිය යුතු මට්ටමක ඇති අතර එය එළවළුවලින් 20%-30% සහ පලතුරුවලින් 15%-20% අතර ප්‍රමාණයකට බලපානු ලබන අතර ප්‍රමාණවත් පරිදි ඇසුරුම් නොකිරීම මෙම පසු අස්වනු හානියට ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන ඇත.

එම පුහුණු වැඩසටහනනේ දී ඇසුරුම් සංකල්ප, ඇසුරුම් ද්‍රව්‍ය, ඇසුරුම් තාක්ෂණය, ඇසුරුම්කරණ සැලසුම් සහ පලතුරු සහ එළවළු ඇසුරුම් සඳහා ග්‍රැෆික් නිර්මාණය සහ ශාක නිරෝධායන සහතිකයේ වැදගත්කම සහ එය ලබා ගැනීමේ ක්‍රියාවලිය වැනි ප්‍රධාන මාතෘකා සාකච්ඡා විය.

නිසි ඇසුරුම්කරණයේ වැදගත්කම, වඩාත් ඵලදායි ඇසුරුම්  ක්‍රම තෝරා ගැනීම සහ නිෂ්පාදන පිරිවැය වැළැක්වීම සඳහා නිවැරදි ද්‍රව්‍ය තෝරා ගැනීම ආදිය වැඩමුළුව මඟින් ආවරණය කෙරිණි.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *