
ධීවර අමාත්‍යාංශයේ ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ ප්‍රතිපාදන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශාල, මධ්‍යම හා කුඩා පරිමාණ ජලාශ හා වැව් සඳහා මිලියන 10කට ආසන්න වටිනාකමින් යුත් වාන් ආවරණ දැල් ලබා දීම පසුගිය 17 වැනිදා කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බිංගිරිය ජලජීවී වගා සංවර් ධන අධිකාරි කාර්‍යාලයේදී සිදුවිය.
මෙම වැඩසටහනට සමගාමීව ජලජීවී වගා සංවර්ධන අධිකාරිය සහ කෘෂි රක්ෂණ මණ්ඩලය ඒකාබද්ධව කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ හදිසි අනතුරු මිරිදිය ධීවර රක්ෂණාවරණය ලබාදීම ද, දිත්වා ආපදාවෙන් හානියට පත් වූ විසිතුරු මත්ස්‍ය වගා කරුවන් 11 දෙනෙක් හට මව් සතුන් ලබා ගැනීම සඳහා මුදල් ආධාර චෙක්පත් ලබා දීමද සිදු කරන ලදී.

මිරිදිය ධීවර සමිති සදහා වාන් ආවරණ දැල් බෙදා දීම යටතේ සියඹලන්ගමුව, කිඹුල්වානා ජලාශය, උස්ගල සියඹලන්ගමුව, මහ නාන්නේරිය වැව, දැදුරු ඔය ජලාශය, හක්වටුනාව ජලාශය, ඉඟිණිමිටිය ජලාශය, මහ ගල්ගමුව ජලාශය, ඉහල ගිරිබාව මැඩියාව, අතරගල්ල,මාගල්ල , කත්නොරුව හා මා එළිය වැව් හා ජලාශ සදහා වාන් ආවරණ දැල් ලබා දීම සිදු කරන ලදී.
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවීම වෙනුවෙන් වත්මන් රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළට සමගාමීව, මිරිදිය ධීවර හා ජලජීවී වගා ක්ෂේත්‍රයේ නව පිබිදීමක් ඇති කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වේ.
මෙහිදී මහ සියඹලන්ගමුව ජලාශයට ඉස්සන් වර්ධනය කිරීමේ ව්‍යපෘතියට අදාළව දැල් කූඩු ලබා දීම ද සිදු විය.

මෙම අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන විජයසිරි බස්නාරක මහතා, නීතීඥ ගීතා හේරත් මහත්මිය, පඩුවස්නුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සංජීව කරුණාසාගර මහතාද, බිංගිරිය ප්‍රාදේශීය සභා ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් සහභාගී වූහ.

