විෂ රසායනික ද්‍රව්‍ය සොයා ඉදවීමේ ක්‍රමවේද නියාමනයට නව නීති

විෂ රසා­ය­නික යොදා පල­තුරු ඉද­වීමේ ක්‍රම­වේද නියා­ම­නය කිරී­මට අවශ්‍ය නීති රීති සම්පා­ද­නය කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුර­ක්ෂි­තතා සහ සමු­ප­කාර සංව­ර්ධන අමාත්‍ය වසන්ත සම­ර­සිංහ මහතා පව­සයි.

විෂ රසා­ය­නික යොදා පල­තුරු ඉද­වීම වැළැ­ක්වීම අර­මුණු කර­ග­නි­මින් වෙළෙඳ, වාණිජ, ආහාර සුර­ක්ෂි­තතා හා සමු­ප­කාර සංව­ර්ධන අමා­ත්‍යං­ශ­යේදී ඊයේ (20) පැවති සාක­ච්ඡා­ව­කදී අමා­ත්‍ය­ව­රයා මේ බව පැවසුවේය.

දීර්ඝ කාල­යක් තිස්සේ විෂ රසා­ය­නික යොදා ඉද­වන පල­තුරු, ආහා­ර­යට ගැනී­මෙන් මිනිස් සෞඛ්‍ය­යට වන බල­පෑම පිළි­බඳ නිසි පර්යේ­ෂණ පවා නොමැති හෙයින් ඒ සඳහා දැඩි නීති­මය තීන්දු තීර­ණ­ව­ලට එළැ­ඹීමේ අව­ශ්‍ය­තා­වක් ඇතැයි ද ඇම­ති­ව­රයා කීවේය. විවිධ රසා­ය­නික යොදා අවි­ධි­මත් ලෙස කෙසෙල්, අඹ, ගස්ලබු හා අලි­පේර වැනි පල­තුරු ඉදවා වෙළෙ­ඳ­පොළේ අලෙවි කිරීම සම්බ­න්ධ­යෙන් පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රි­යට පැමි­ණිලි රැසක් ලැබී ඇති බව ද අමාත්‍යවරයා පැව­සු­වේය.

පල­තුරු ඉද­වීම සඳහා විෂ රසා­ය­නික යෙදීම වහා නතර කිරී­මට අවශ්‍ය ඉදිරි ක්‍රියා­මාර්ග පිළි­බඳ දීර්ඝ වශ­යෙන් මෙම සාක­ච්ඡා­වේදී විමසා බැලිණි.

කෙසෙල්, අඹ, පැපොල් සහ අලිඇට පේර වැනි පලතුරු අලෙවිකරණය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සලකා බැලීමේදී පලතුරු ඉදවීම සඳහා විෂ රසායනික ද්‍රව්‍ය යෙදීම වහාම නතර කිරීම සඳහා ගත යුතු වැඩිදුර ක්‍රියාමාර්ග සහ පවතින නීතිමය කොන්දේසි පිළිබඳ මෙහි දී දීර්ඝව සාකච්ඡා කරන ලදි.

ඒ සඳහා දැනට පව­තින නීති­මය තත්ත්ව­යන් හා එම නීති බලා­ත්මක කිරී­මට ඇති බාධා මොන­වාද යන්න පිළි­බ­ඳ­වද එහිදී සොයා­ බ­ලන ලදී. ඒ සඳහා පාරි­භෝ­ගික පනත සංශෝ­ධ­නය කළ යුතු නම් ඒ පිළි­බඳ සලකා බැලිය හැකි බව ද අමා­ත්‍ය­ව­රයා පැව­සීය.

ආර්ථික කෘෂි කර්මා­න්තය තුළ කෘත්‍රිම පල­තුරු ඉද­වීම යම්තාක් දුර­කට භාවිත කිරී­මට සිදු වන බව පැහැ­දිලි කළ කෘෂි පර්යේ­ෂණ නිල­ධා­රීන් ජාත්‍ය­න්තර වශ­යෙන් එවැනි ක්‍රම­වේද විද්‍යා­ත්මක පද­න­මක් මත භාවිත කෙරෙන බව පෙන්වා දෙන ලදි. ජාත්‍ය­න්තර වශ­යෙන් පිළි­ගත් ක්‍රම­වේද මත පද­නම්ව කෘෂි­කර්ම දෙපා­ර්ත­මේ­න්තුව පල­තුරු ඉද­වීම සඳහා පුහු­ණුව හා තාක්ෂ­ණික දැනුම ලබා දෙන බවත්, එම විද්‍යා­ත්මක ක්‍රම­වේද නිසි ලෙස භාවිත නොකර, පහසු කෘත්‍රිම පල­තුරු ඉද­වීමේ ක්‍රම­වේ­ද­යන්ට බොහෝ වෙළෙ­ඳුන් හා පල­තුරු නිෂ්පා­ද­ක­යන් පුරුදු වී සිටින බවත් සඳ­හන් කෙරිණ.

මෙහි දී පහත දැක්වෙන කරුණු වෙත අවධානය යොමු විය.

නීති ප්‍රතිසංස්කරණය: මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය නම් පාරිභෝගික පනත් සංශෝධන කිරීමේ හැකියාව.‍

විද්‍යාත්මක ශිල්පීය ක්‍රම ප්‍රවර්ධනය: ජාත්‍යන්තරව පිළිගත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කරන ලද විද්‍යාත්මක පලතුරු නිෂ්පාදන තාක්ෂණයන් නිසි ලෙස භාවිතා කිරීමට වෙළඳුන් උනන්දු කරවීම.

විමර්ශන සහ වැටලීම් ශක්තිමත් කිරීම: පලතුරුවල රසායනික අන්තර්ගතය වහාම පරීක්ෂා කිරීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියට අවශ්‍ය රසායනාගාර පහසුකම් සැපයීම.

පාරිභෝගික කටයුතු අධිකාරිය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) සහ කාර්මික තාක්ෂණ ආයතනය (ITI) ඇතුළු ප්‍රමුඛ ආයතනවල නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *