ජාතික පශ්චාත් ආපදා හදිසි එන්නත් වැඩසටහනට අවශ්‍ය එන්නත් භාර දෙයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු සතුන් අතර සීග්‍රයෙන් පැතිර යන කුර හා මුඛ රෝගය සහ සමේ ගැටිති රෝගය වළක්වා ගැනීමේ පියවරක් ලෙස ජාතික පශ්චාත් ආපදා හදිසි එන්නත් වැඩසටහන ක්‍රියාත්මක වේ.

එම වැඩසටහනට අදාළ එන්නත් භාරදීම කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී ලාල් කාන්ත සහ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20)  අමාත්‍යාංශයේදී සිදු විය.

මෙහිදී එන්නත් භාර ගැනීම පශු සම්පත් සංවර්ධන අතිරේක ලේකම් වෛද්‍ය සිසිර පියසිරි මහතා සහ සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය  සංචික පෙරේරා මහතා විසින් සිදු කරන ලදී.

මෙහිදී ජාතික කිරි නිෂ්පාදන වැඩසටහන හෙවත් Dairy Hub වැඩසටහනේ ප්‍රගතිය සහ ඊට අදාළ ගැටලු පිළිබඳව ද සාකච්ඡා කරන ලදී.

Dairy Hub වැඩසටහනේ මූලික අරමුණ වන්නේ දේශීය කිරි නිෂ්පාදනය තුන් ගුණයකින් ඉහළ නැංවීමයි. දේශීය කිරි ගොවීන් කිරි ව්‍යසායකයෙන් ලෙස ඉහළට ඔසවා තැබීම ද මෙහි තවත් අරමුණකි. මෙම වැඩසටහන 2026 වර්ෂයේ සිට 2030 වර්ෂය දක්වා ක්‍රියාත්මක වේ.

මෙහි දී අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා නිලධාරීන්ට අවධාරණය කරන ලද්දේ ආණ්ඩුවක් ලෙස තමන්ට අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගැනීමටත් එම ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමටත් හැකියාව පවතින අතර ඉතිරි කාර්ය භාරය රාජ්‍ය නිලධාරීන් විසින් ඉටු කළ යුතු බවයි.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *