දිට්වා ව්‍යසනයෙන් හානි වූ කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ඇරඹෙයි

දිට්වා ව්‍යසනයෙන් හානි වූ කොට්ටුකච්චිය ගොවිජන ව්‍යාපාරයේ කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය කිරීම ඊයේ (25) කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග දෙපාර්තමේන්තුව මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන අතර මේ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 200කි.

අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සහ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු  මන්ත්‍රී අජිත් ගිහාන් ඇතුළු දේශපාලන හා රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *