
තුන්වන කන්නයේ ( මැද කන්නයේ ) මුං වගාව අනුරාධපුර, මොනරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවල වැඩිපුර ව්‍යාප්ත වී පවතී. තවදුරටත් එය ප්‍රචලිත කිරීමෙිදී ශ්‍රම දායකත්වය සොයා ගැනීම හා ගතවන කාලය ගොවීන්ට ගැටලුවක් වී ඇතිබව පෙනී ගොස් ඇත. මෙයට විසඳුමක් ලෙස මුං වගාවට ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට කෘෂිකර්ම දෙපාර්තමෙින්තුව කටයුතු කරන ලදී.
ඩ්‍රෝන යානා තාක්ෂණය මඟින් මුං බීජ වැපිරීමේදී ඉතා කාර්යක්ෂමව අඩු කාලයකින් සිදුකල හැකිය. එනම් අක්කරයක බීජ යෙදීමට ගතවන්නේ විනාඩි 10ක පමණ කාලයකි. තව ද අතින් වැපිරීමේදී ගොයම් කපන යන්ත්‍ර මඟින් කැපී ඉපනැල්ල මතට වැටී ඇති පිදුරු උඩට බීජ වැටීම සිදුවේ. එවිට එම බීජ වලට හානි වීමට ඇති ඉඩකඩ වැඩිය. නමුත් ඩ්‍රෝන යානා මඟින් බීජ ඉසිනවිට පිදුරු අතරින් ගොස් පසට වැටීම සිදුවන අතර ඒකාකාරී දැකුම්කළු වගාවක් ද ලැබේ.

මහඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය මඟින් ඩ්‍රෝන යානා තාක්ෂණයට අදාළ පර්යේෂණ සිදුකරනු ලබන අතර අනුරාධපුර, මොනරාගල හා හම්බන්තොට අන්තර් පළාත් නිලධාරීන්ගේ ද සහයෝගය ලබාගනිමින් ගොවි ක්ෂේත්‍ර විශාල ප්‍රමාණයක අත්හදා බැලීම් කටයුතු සිදු කරමින් සිටියි. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය තාක්ෂණික දායකත්වය ගොවිපල් යාන්ත්‍රික පර්යේෂණ මධ්‍යස්ථානයේ නිලධාරීන් විසින් සපයනු ලබයි.
ඩ්‍රෝන තාක්ෂණය වැනි යාන්ත්‍රීකරණය තුළින් ගොවි මහතුන්ට වගාව පහසුවෙන්, කාර්යක්ෂමව හා ලාභදායීව සිදුකර ගැනීමට ද තරුණ පරපුර කෘෂිකර්මාන්තයට නැඹුරු කරගැනීමටද මහඟු අවස්ථාවක් සපයයි.

තාක්ෂණික උපදෙස් – ආචාර්ය ස්වර්ණා හේරත්, සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ
සංස්කරණය – පෙමිලා ජයරත්න, සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ

