ප්‍රධාන ජලාශවල ජල මට්ටම සියයට 35.9ක් දක්වා පහළට – ගොවිජනතාවට විශේෂ දැනුම් දීමක්

දිවයින පුරා පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කරන ප්‍රධාන ජලාශවල ජල මට්ටම සියයට 35.9ක් දක්වා පහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ එච්.එම්.පි.එස්.ඩි. හේරත් මහතා සඳහන් කරයි.

අම්පාර, මඩකලපුව, ත්‍රීකුණාමලය සහ මොනරාගල යන දිස්ත්‍රික්කවල පිහිටි ජලාශවල ජල මට්ටම අවම අගයකට පැමිණ ඇති බව ද. හේරත් මහතා සඳහන් කළේය.

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය සහ සුළං සහිත කාලගුණය හේතුවෙන් ජලාශවලින් ජලය වාෂ්පීකරණය වීම අපේක්ෂිත මට්ටමට වඩා වැඩි වී ඇති බැවින්, දෛනික හා වගා කටයුතු සඳහා ඉතා අරපිරිමැස්මෙන් ජලය භාවිත කරන ලෙස ඔහු ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

යල කන්නයේ වගා කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බැවින් පවතින ජල ප්‍රමාණය වගාවන්ට ප්‍රමාණවත් වනු ඇතැයි අපේක්ෂා කරන බව ද  හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.

 

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *