මොණරාගල දිස්ත්‍රික්කයේ හුලංදාව දකුණ තඹලවින්න වැවෙහි සංවර්ධන කටයුතු අරඹයි

කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන “වාරි මහිම අපේ උරුමය” වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහනේ මොණරාගල  දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් හුලංදාව දකුණ තඹලවින්න වැවෙහි  ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අද  (26) සුබ මොහොතෙන් ආරම්භ කෙරුණි.

රුපියල් මිලියන 60ක වියදමින් සංවර්ධන කටයුතු සිදු කරන මෙම වැව ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුවට අයත් වැවක් වන අතර එහි ධාරිතාව අක්කර අඩි 413කි. මෙම වැව  සංවර්ධන කිරීමෙන් පසු එය අක්කර අඩි 495ක් දක්වා වර්ධනය වේ. එය වැව්හි පවතින ධාරිතාව 20%කින් වැඩිවීමකි. වැවෙහි වාන, වැව් බැම්ම සහ සොරොව් දොර සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කෙරේ. දැනට කුඹුරු අක්කර 59ක් මෙම වැව මඟින් අස්වැද්දීම සිදු කරන අතර හුලංදාව දකුණ ප්‍රදේශයේ පවුල් 400ක සමාජිකයින් 2000කට වැඩි ප්‍රමාණයකට ඍජු ප්‍රතිලාභ ලැබේ.

මෙම උත්සවය සඳහා ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතා, වෙළද වාණිජ හා ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන මහතා, මොනරාගල දිස්ත්‍රික් ප්‍රා.මන්ත්‍රී අජිත් අගලකඩ මහතා, මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඒ.ජී.නිශාන්ත මහතා, වාරිමහිම අපේ උරුමය ජාතික වැඩසටහනේ ජාතික වැඩසටහන් අධ්‍යක්ෂ ඉංජි.චන්දන එදිරිසූරිය මහතා, මොනරාගල ප්‍රාදේශීය ලේකම්තුමන් වන ඩබ්.ඩී.පී.සී.සමරසේකර, මොනරාගල ප්‍රාදේශීය සභාවේ සභාපති ජනක කුරුප්පු මහතා, ගොවිජන සේවා සංවර්ධන දෙපාර්තුමේන්තුවේ සහකාර කොමසාරිස් සුජානි පළිහවඩන මහත්මිය, වාරි මහිම අපේ උරුමය වැඩසටහනේ ප්‍රධාන තාක්ෂණ නිලධාරි ඉංජි. වසන්ත පලුගස්වැව මහතා, වැඩසටහනේ මොනරාගල හම්බන්තොට දිස්ත්‍රික් කළමනාකරු ඉංජි.ඩයස් කුමාර මහතා, නියෝජ්‍ය අමාත්‍යතුමන්ගේ පුද්ගලික ලේකම් රුක්මල් ජයතිලක මහතා, කෘෂිකර්ම පර්‍යේෂන හා නිෂ්පාදන කළමනාකාරිනි සන්ධ්‍යා කුමාරි මහත්මිය, තඹලවින්න ගොවි සංවිධානයේ සභාපති එම්.වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

ප්‍රවෘත්ති රචනය –  අනුත්තරා ඒකනායක – මාධ්‍ය නිලධාරි

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *