Keells–SARP හවුල්කාරිත්වයෙන් ආරක්ෂිත ගෘහ වගාවට නව අවස්ථා

ශ්‍රී ලංකාවේ සුළු පරිමාණ ගොවීන් විධිමත් වෙළඳපොළ සමඟ සෘජුව සම්බන්ධ කරමින්, නවීන කෘෂි තාක්ෂණය භාවිතයෙන් තිරසාර ආදායම් උත්පාදනය කරන කෘෂි ව්‍යවසායකයන් බිහිකිරීම අරමුණු කර ගනිමින් රාජ්‍ය–පෞද්ගලික–නිෂ්පාදක හවුල්කාරිත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.

මෙම ව්‍යාපෘතිය මාතලේ දිස්ත්‍රික්කයේ තෝරාගත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක ක්‍රියාත්මක වන අතර, ආරක්ෂිත ගෘහ වගාව යටතේ අමු මිරිස් සහ මාළු මිරිස් වගාව ප්‍රවර්ධනය කිරීම ප්‍රධාන අරමුණකි.

ගොවීන් සදහා ප්‍රතිලාභ :

  • ප්‍රතිලාභී ගොවීන් 100 දෙනෙකු තෝරාගෙන ඇත.
  • නවීන වගා තාක්ෂණ හා මූල්‍ය පහසුකම් සපයනු ලැබේ.
  • ව්‍යාපෘතියේ සමස්ත ආයෝජනය රුපියල් මිලියන 234.45 කි.
  • බිංදු ජලසම්පාදනය, කෘමි ප්‍රතිරෝධී දැල්, පොලි මල්ච් සහ සූර්ය බලශක්ති ජල පොම්ප ඇතුළු පහසුකම් ලබාදේ.
  • ගොවීන්ට අඩු පොලී අනුපාතයක් යටතේ කෘෂිකාර්මික ණය පහසුකම් ලබාදීමටද පියවර ගෙන ඇත.

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP)
Keells

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *