දුම්බර හරිත සවිය ජාතික ව්‍යාපෘතිය යටතේ කිරිඅමුණ කොළ කුඩා වැව කුඹුරු ඒකාබද්ධ කිරීමේ කටයුතු ඇරඹේ

දුම්බර හරිත සවිය ජාතික ව්‍යාපෘතිය යටතේ කිරි අමුණු කොළ කුඩා වැව ග්‍රාම වාපි ගොවි සංවිධානයේ අක්කර 40කින් යුක්ත කුඹුරු යාය ඒකාබද්ධ කිරීමේ කටයුතු පසු ගිය දා ( 02 ) නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ ප්‍රදානත්වයෙන් ආරම්භ විය.

මෙම අවස්ථාව සඳහා දුම්බර හරිත සවිය ව්‍යාපෘතියේ ජාතික වැඩසටහන් අධ්‍යක්ෂ ඉංජි.චන්දන එදිරිසූරිය මහතා,මහවැලි උපදේශක කාර්‍යංශයේ කුඹුරු ලියදි ඒකාබද්ධ කිරීමේ වැඩසටහනෙ වැඩසටහන් ප්‍රධානි ඉංජි.එස්.කේ.හේවාගම මහතා,දුම්බර හරිත සවිය වැඩසටහනෙ නාවුල කලාප කලමණාකරු කලන විජේතිලක මහතා ඇතුළු නියෝජිතයින් සහභාගී වූහ.

මෙම කුඹුරු ලියදි ඒකාබද්ධ කිරීම මඟින් පවුල් 500කට අධික ප්‍රමාණයකට ඍජු සහ වක්‍ර ප්‍රතිලාභ ලැබේ.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *