‘වාණිජ කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන’ ඇරඹේ

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ දෙවන අදියර යටතේ නව ව්‍යාපෘතියක් ලෙස ‘වාණිජ කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන’ අද (11) දින ආරම්භ විය.

අනුරාධපුර ජාතික පසු අස්වනු තාක්ෂණ ආයතන පරිශ්‍රයට සහ අනුරාධපුර සී බෑන්ක් පරිශ්‍රයේ පැවැති මෙම ආරම්භක වැඩසටහන කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා ද සහභාගී වූ අතර ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු පිළිබඳව සියලුම පාර්ශවකරුවන් දැනුම්වත් කිරීමට මෙහි දී අමාත්‍යවරයා පියවර ගත්තේය.

පෙර ප්‍රමාණවත් ලෙස භාවිත නොකළ හෙක්ටයාර 5,039ක උස්බිම් ප්‍රදේශ ආවරණය කරමින් මෙම ව්‍යාපෘතිය කුඩා වැව් පද්ධති ප්‍රතිසංස්කරණය කරමින් ඒවා අඹ, පේර, කෙසෙල්, පැපොල් සහ පැෂන් ෆෲට් වගාවන් සහිත පරිසර හිතකාමී වාණිජ වගා භූමි බවට පරිවර්තනය කරයි. පලතුරු ගස් සම්පූර්ණ ඵලදායීත්වයට පත්වන තෙක් මුල් වසරවල ගොවීන්ට ආදායම් ලබාදීම සඳහා මිරිස්, රටකජු, කොමඩු, මුං ඇට සහ තල වැනි අතුරු බෝග වගා කිරීමට ද පහසුකම් සලසයි.

මෙම නව ගොවිබිම්, සූර්ය බල ශක්තියෙන් ක්‍රියාත්මක වන අවශ්‍යතාවයට අනුව පීඩන නළ ජල බෙදා හැරීමේ පද්ධති මඟින් ජලය සපයනු ලබන අතර, මෙය කාර්යක්ෂම හා දේශගුණ හිතකාමී ජල කළමනාකරණයේ විශාල ඉදිරි පියවරකි. උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතිය අවසන් වනතෙක් CAD වැඩසටහන තෝරාගත් වැව් පද්ධතිවල පවතින ජල මූලාශ්‍රවල ජලය භාවිත කරමින් උස්බිම් වගා කටයුතු සිදු කරයි.

මෙම කාලය තුළ දැනට පවතින හෙක්ටයාර 2,000 පමණ වාණිජ ගොවිබිම් ද නවීකරණය කර බෝග තත්ත්වය ඉහළ නැංවීම සහ ජාත්‍යන්තර වෙළඳපොළ ඉල්ලුම සපුරාලීම සඳහා සංවර්ධනය කිරීමට අපේක්ෂිතය

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *