කුර හා මුඛ රෝග සඳහා ගවයින් සහ එළුවන් නොමිලේ එන්නත්කරණ වැඩසටහන දිවයින පුරා ඇරඹෙයි

May be an image of one or more people, people studying, dais and text

කුර හා මුඛ රෝගය සහ සමේ ගැටිති රෝගයෙන් එළ ගවයන් මී ගවයන් සහ එළුවන් සුරැකීමට ජාතික නොමිලේ එන්නත්කරණ වැඩසටහන ඊයේ (20) කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ සහ කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

මේ අනුව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය පශු සම්පත් ක්ෂේත්‍රය සුරක්ෂිත කිරීම වෙනුවෙන් නොමිලේ  ක්‍රියාත්මක කරනු ලබන ජාතික එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර ඇත.

ස්වාභාවික ආපදා තත්ත්වයන් හමුවේ සතුන් අතර සීග්‍රයෙන් පැතිර යාමේ අවදානමක් පවතින කුර හා මුඛ රෝගය (FMD – Foot and Mouth Disease) සහ සමේ ගැටිති රෝගය (LSD – Lumpy Skin Disease) මැඩපැවැත්වීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. එමගින් දිවයින පුරා සත්ව ගහනයේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවා, පශු සම්පත් ක්ෂේත්‍රයේ ආරක්ෂාව තහවුරු කිරීමට අපේක්ෂා කෙරේ.

එන්නත්කරණ වැඩසටහන සඳහා රුපියල් මිලියන 152කට අධික මුදලක් වෙන් කර ඇති අතර කුර හා මුඛ රෝගය (FMD) සඳහා රුපියල් 79,275,000.00ක්, සමේ ගැටිති රෝගය (LSD) සඳහා රු. 73,030,000.00ක් වශයෙන් රුපියල් 152,305,000.00ක් මෙම වැඩසටහන වෙනුවෙන් වැය කෙරේ.

මෙම නොමිලේ එන්නත් තොග දිස්ත්‍රික් මට්ටමින් ස්ථාපිත සියලුම ප්‍රාදේශීය පශු වෛද්‍ය මධ්‍යස්ථාන වෙත ලබා දීමට කටයුතු යොදා ඇත. සියලුම එළ ගවයන් මී ගවයන් සහ එළුවන් හිමියන්ට සහ ගොවි ජනතාවට තම සතුන් මෙම නොමිලේ එන්නත්කරණ වැඩසටහනට යොමු කරමින් පශුසම්පත සුරක්ෂිත කර ගැනීමට දායක වන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

මෙහිදී එන්නත් භාර ගැනීම පශු සම්පත් සංවර්ධන අතිරේක ලේකම් වෛද්ය සිසිර පියසිරි මහතා සහ සත්ව නිෂ්පාදන සහ සෞඛ්ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් වෛද්ය සංචික පෙරේරා මහතා විසින් සිදු කරන ලදී.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *