‘බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීමට‘ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයෙන් නව වැඩපිළිවෙළක්

බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බවත් ඉදිරි මාස දෙක තුළ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 160ක ව්‍යවසායකයින් සඳහා කුකුළු  පැටවුන් 160,000ක් බෙදා දීමට නියමිත බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍ය අමරවීර මහතා මේ අදහස් පළ කළේ අද (26) ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ “ස්ථාවර දේශයක් සඳහා සාමූහික මාවත” යන තේමාව යටතේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද කීවේය. ‘බිත්තර සහ කිරි නිෂ්පාදනයෙන් අපි තවමත් ස්වයංපෝෂිත භාවයක් ලබාගෙන නැහැ. 2021 වසරේ ඇති වූ පොහොර හිඟයේ ප්‍රතිඵලයක් ලෙස සත්ව ආහාර සඳහා භාවිත කරන බඩඉරිඟු නිෂ්පාදනය පහත වැටීම හේතුවෙන් කුකුළු හා ගව ගොවිතැනට බලපෑම් එල්ල වී තිබෙනවා. බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා අපි නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. ඉදිරි මාස දෙක තුළ තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 160ක ව්‍යවසායකයින් සඳහා පැටවුන් 160,000ක් බෙදා දීමට නියමිතයි‘

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *