කුකුළු ආහාර මිල වහාම ස්ථවර කරන්න – කුකුළු ගොවි සංගමය රජයෙන් ඉල්ලයි

කුකුළු ආහාර මිල ස්ථාවර කරන ලෙස සමස්ත ලංකා කුකුළු ගොවි සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

තම ඉල්ලීමට හේතු පැහැදිලි කරමින් සමස්ත ලංකා කුකුළු ගොවි සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා මෙසේ පැවසුවේය, “සංචාරකයින්ගේ පැමිණීම අඩුවීම සහ පාරිභෝගිකයින්ගෙන් ඇති ඉල්ලුම අඩුවීම හේතුවෙන් වෙළඳපොළේ අතිරිත්ත බිත්තර සැපයුමක් තිබෙනවා. මෙනිසා බිත්තර මිල විශාල ලෙස අඩු වී තිබෙනවා. මේ වන විට බිත්තර නිෂ්පාදන පිරිවැය බිත්තර අලෙවි කරන වෙළඳපළ මිලට වඩා විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. මෙම පාඩුව කුඩා ගොවිපොළ හිමියන්ට දරා ගැනීමට අපහසුයි. එබැවින් කුකුළු ආහාර මිල ස්ථාවර කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා. එසේ නොමැතිනම් කුකුළු ගොවිපොළ හිමියන් අවදානමට ලක්විය හැකියි ”

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *