වනඅලි මරණ වල පැහැදිලි අඩුවීමක් – පෞද්ගලික විදුලිවැට බහුතරය ප්‍රමිතියෙන් තොරයි

මේ වසරේ ඔක්තෝබර් මාසය දක්වා කාලය තුළ වනඅලි ඇතුන් 277 දෙනෙකු මිය ගොස් ඇති බවත් පසුගිය වසරට සාපේක්ෂව වනඅලි මරණවල අඩුවක් දක්නට ලැබෙන බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය වසරේ වනඅලි ඇතුන් 488 දෙනකු මිය ගොස් ඇති බවත් ස්වභාවික හේතු සහ මිනිස් ක්‍රියාකාරකම් ඊට හේතු වූ බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පෙන්වා දෙයි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ වනඅලි මරණවලට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ ගොවීන් තම වගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා ඉදිකර ඇති තාවකාලික විදුලි වැටවල් බවයි.

මෙම හේතුව මත පෞද්ගලික විදුලි වැටවල් පිළිබඳ සොයා බලා නීති විරෝධී ඒවා ඉවත් කිරීමට තීරණය කර ඇති අතර විදුලි වැට නීත්‍යානුකූලව සවි කර ඇති බවට සහතිකයක් ලබා ගන්නා ලෙස ද දෙපාර්තමේන්තුව ගොවීන් වෙත දැනුම් දී ඇත.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසුවේ නීත්‍යානුකූල විදුලි වැට පවා නිසි ප්‍රමිතීන්ට අනුකූල නොවන බව නිරීක්ෂණය වී ඇති බවයි. නිසි ප්‍රමිතියෙන් යුත් විදුලි වැට වලින් වගාවන්ට ආරක්ෂාවක් ලැබෙන අතර වනඅලින්ට හානියක් නොවන බව ද ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

පසුගිය වසරේදී වනඅලි 70 දෙනකු විදුලි සැර වැදී මිය ගිය බවත් එම අගය මේ වසරේ 35 දක්වා අඩු වී ඇති බව ද ඔහු හෙළි කළේය.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *