මෙවර මහ කන්නය සඳහා මන්නාරම යෝධ වැව යටතේ පළමු අධියර වෙනුවෙන් කුඹුරු හෙක්ටයාර් 31,341කට මංගල දියවර නිකුත් කිරීම, ආගමික නායකයන්ගේ ආශීර්වාද මැද ඉකුත් ඔක්තෝම්බර් 29 වැනිදා සිදු කෙරුණි. මන්නාරම දිසාපති කේ. කනකේස්වරන් මහතා සහ පළාතේ වාරිමාර්ග සහකාර අධ්‍යක්ෂවරයා ද, ප්‍රාදේශීය ලේකම්වරයා ද, ගොවි සංවිධාන 32ක නිලධාරීන් ද ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.
පළමු දියවර නිකුත් කොට, එම ජලය යෝධ වැව කට්ටුකරෙයි ශ්‍රී අම්මාන් කෝවිලේ පූජෝත්සවයට තබා පසුව කුඹුරු වෙනුවෙන් මංගල දියවර නිකුත් කිරීම සිදුවිය. මේ වන විට යෝධ වැවේ ජල ධාරිතාව 89%කින් සම්පූර්ණ වීම නිසා 2024/25 මාස් කන්නය සඳහා ජලය නිකුත් කිරීම ආරම්භ කොට තිබේ. යෝධ වැව යටතේ මෙවර මහ කන්නයේ දී කුඹුරු හෙක්ටයාර් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් වගා කෙරෙන අතර, එය අධියර තුනක් යටතේ සිදු කෙරේ.