කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ මහජන දිනය මාසයේ පළමු සඳුදා දිනකම

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ මහජන දිනය සෑම මසකම පළමුවන සඳුදා බත්තරමුල්ලේ පිහිටි එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත , කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න , ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහත්වරුන් මෙන්ම කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයට අයත් සියලු ආයතන, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් මෙම මහජන දිනය පැවැත්වේ.

එම අමාත්‍යාංශයට අදාළ මෙතෙක් නොවිසදුනු ජනතා ගැටලු වගකිවයුතු බලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට මෙහිදී ජනතාවට අවස්ථාව සැලසෙන අතර සුදුසු විසඳුම් ලබාදීමට අමාත්‍යාංශය බලධාරින් කටයුතු යොදා ඇත.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *