ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ව්‍යවසායකයින් ඇගයිමකට ලක් කරන I AM the Sri Lankan Entrepreneur 2024 සම්මාන රාත්‍රිය ලබන මාර්තු 05 දා කොළඹදී පැවැත්වීමට ශ්‍රී ලංකා තරුණ ව්‍යවසායකත්ව මණ්ඩලය (The Chamber of Lankan Entrepreneurs (COYLE)) කටයුතු යොදා ඇති බව එම මණ්ඩලය පවසයි.
ශ්‍රී ලංකාවේ දසත විසිරි සිටින කවර හෝ කර්මාන්ත අංශයක නවෝත්පාදනය සපිරි ව්‍යවසායකත්ව කුසලතා විදහා දක්වා ඇති ඕනෑම අයෙකුට ජාතික මටිටමින් තම ව්‍යවසායක කුසලතා ඇගැයිමකට ලක්කිරිම සඳහා මෙම සම්මාන ප්‍රදානයෙන් මාහැඟි අවස්ථාවක් ලැබෙන බව ත් සංවිධායක මඬුල්ල පවසයි.
මෙම සම්මාන ප්‍රදානය සදහා අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ වී ඇති අතර ඒ සඳහා අවශ්‍ය අයදුම්පත් COYLE – www.coyle.lk වෙබ් අඩවියෙන් බාගත කළ හැක. අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය 2025 ජනවාරි 15 වේ . එදින හෝ එයට පෙර අයදුම්පත් යොමු කර තමන්ගේ ව්‍යවසාකත්ව කුසලතා ජාතික මට්ටමේ ඇගැයුමකට ලක් කරන මෙම සම්මාන ප්‍රදානය සඳහා ස්වකීය දායකත්වය ලබා දෙන ලෙස දසත විසිරි සිටින සියලු ව්‍යවසායකයින්ට ඉල්ලීමක් කරයි.
“වඩාත් ශක්තිමක් හා ගෝලීය වශයෙන් වඩාත් තරඟකාරි ව්‍යවසායකත්ව සංස්කෘතියක් ගොඩනැංවීමේ COYLE හි ජාතික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම සම්මාන ප්‍රදානය සඳහා එක්වන ලෙස දසත විසිරී සිටින සියලු ව්‍යවසායකයින්ගෙන් අප ඉල්ලීමක් කර සිටිනවා” යැයි සංව්ධායක මණ්ඩලය පවසයි.
පළාත් මට්ටමේ සිට දිස්ත්‍රික් මට්ටම දක්වා ව්‍යවසායකයින් මෙහිදී ඇගැයීමට බඳුන් කරන බවත් එමඟින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අනාගතය ගොඩනැඟීමට මූලික වන ව්‍යාපාරික විශිෂ්ටත්වය උදෙසා මහඟු ගෞරවයක් හා උත්තේජනයක් ලබා දෙන බවද පවසයි.
“මෙහිදී අප ව්‍යවසායකත්ව සම්මාන 65කට අධික ප්‍රමාණයක් පිරිනැමීමට නියමිතයි. ඒ අතරේ “හොඳම තරුණ ව්‍යවසායකයා”, “හොඳම කාන්තා ව්‍යවසායිකාව” හා “හොඳම සමාජ ව්‍යවසායකයා” යන සම්මාන ප්‍රදානයි”
මෙහිදී ප්‍රධාන සම්මානය ලෙස “වසරේ ව්‍යවසායකයා” සම්මානය ප්‍රමුඛ වන බව සංවිධායකයෝ පවසති.