ආහාර කල් තබා ගැනීමේ දී, ඒවායෙහි අන්තර්ගත තෙතමනය ඉවත් කිරීමට හිරු එළිය භාවිතා කිරීම දුරාතීතයේ සිටම පැවත එන ක්‍රමවේදයකි. ඒ ඔස්සේ ස්වභාවිකවම ඇතැම් ආහාර ද්‍රව්‍ය කල්තබා ගැනීමේ කාලය දිගුකර ගැනීමට අපට හැකි විය. එය ආහාර සංරක්ෂණය Food Preservation උදෙසා වූ දිගුකාලීන විකල්පයක් Long-Term Alternative මෙන්ම පාරිසරික වශයෙන් හිතකර ක්‍රමවේදයක් බව ඔබ අප අත්දැකීමෙන් අවබෝධ කරගෙන තිබේ.
ඒ අනුව හිරු එළියේ වියළීම මගින්, තම අතිරික්ත බෝග අස්වනු සංරක්ෂණයකර කල්තබා ගැනීමට, පසු භාවිතයට හෝ පරිභෝජනය උදෙසා අලෙවි කිරීමට ගොවීන්හට අවස්ථාව උදාකර දෙයි. එපමණක් නොව ආහාර ද්‍රව්‍ය ද්විතීයික නිෂ්පාදනයක් ලෙස සකස්කර නිමි අගය ඉහළ නංවා වෙළඳපොලට යොමුකිරීමට ද ඒ ඔස්සේ හැකියාව පවතියි. මෙලෙස නිෂ්පාදන කරන ලද ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීමට සහ ප්‍රවාහනය කිරීමට ද පහසුවේ. එමෙන්ම අයහපත් කාලගුණික බලපෑම් යටතේ වුවද තම වෙළඳපල ප්‍රවේශය ආරක්ෂා කරගැනීමට ගොවීන්හට ඉඩප්‍රස්ථාව ඉන් සැලසේ .
කෙසේ වුවද සූර්යාලෝකය පතිතවීම සීමිත හෝ අඩු ප්‍රදේශයන්හිදී, මේ ආකාරයට ආහාර ද්‍රව්‍ය වියලීම වසර පුරාම අඛණ්ඩව ඉටුකරගත නොහැකි වේ. එහෙයින් එකී තාක්ෂණය යොදා ගතහැකි විකල්ප ක්‍රමවේදයන්හි අවශ්‍යතාව අපට ඉස්මතු කෙරේ. උදාකරවන සීමාකාරී සාධක හෝ බාධක මගහැර ගැනීමේදී, සුහුරු සූර්යබල වියළුම් යන්ත්‍ර Smart Solar Power Dryers වඩාත් නවමු භූමිකාවක් අපවෙත ඉදිරිපත් කරයි. සාමාන්‍ය සූර්ය විජලන යන්ත්‍ර වලට වඩා සැලකිය යුතු ප්‍රතිලාභ අත්පත්කර ගැනීමට එමගින් අවස්ථාව සැලසේ. එමෙන්ම දිවයින පුරා කෘෂිකාර්මික ප්‍රජාව වෙතින් සිදුවන පසු අස්වනු හානිය Post-Harvest Losses අවමකර ගැනීමට ද මෙවැනි සුහුරු සූර්යබල වියළුම් යන්ත්‍ර සහායකර ගැනීම එක් සාර්ථක විසඳුම් ක්‍රමයක් බව පෙන්වා දෙමු.
විශේෂයෙන්ම සූර්යා වෙතින් විහිදෙන සෘජු විකිරණ Direct Radiation, විසරණය වන්නාවූ විකිරණ Diffuse Radiation හා පරාවර්තක විකිරණ Reflected Radiation තෙවර්ගයම සුහුරු සූර්යබල වියළන යන්ත්‍රයක් හමුවේ භාවිතවීම ද සුවිශේෂී අවස්ථාවකි. මක්නිසාදයත්, මෙවැනි යන්ත්‍රයක ප්‍රකාශ වෝල්ටීයතා පැනල Photovoltaic Panels මගින් සූර්යාලෝකය විදුලිය බවට පරිවර්තනයකර, අදාල විදුලිය භාවිතකරන උපාංග වෙත සපයන අතර සූර්ය තාප සංග්‍රාහක Thermal Solar Collectors හෙවත් තාප සූර්ය පැනල Thermal Solar Panels සූර්යාලෝකය එක්රැස්කරගෙන තාපය Heat බවට පරිවර්තනය කර වියළි වාතය උණුසුම් කිරීමට භාවිතයට ගැනීමට ඇති හැකියාව එවැනි යන්ත්‍රයක් සතුව පැවතිමයි.
විදුලිය හෝ ඉන්ධන බලයෙන් ක්‍රියාත්මක වන සාමාන්‍ය වියළුම් යන්ත්‍රයකට වඩා මෙවැනි යන්ත්‍රයක් වෙනස් මුහුණුවරක් උසුලයි. තවදුරටත් පැහැදිලි කරන්නේනම්, සූර්යබල වියළන යන්ත්‍ර සම්පූර්ණයෙන්ම සූර්ය බලශක්ති අවශෝෂණය සහ පරිවර්තනය කිරීම යන මූලධර්මය මත ක්‍රියාත්මකවන පරිසර හිතකාමී නිර්මාණයක් බව පෙන්වා දිය හැකි වේ. එමෙන්ම ක්‍රියාකාරිත්වයේදී කාගුණික විපර්යාසවලට Climate Change හේතුකාරකවන හානිකර හරිතාගාර වායු Greenhouse Gas මුදා හැරීමක් මෙවැනි යන්ත්‍ර වෙතින් සිදුනොවීම ද විශේෂත්වයකි. එපමණක් නොව ඒවා නිහඬව ක්‍රියාත්මක ද වේ. මෙම කරුණු හේතුවෙන් පාරිසරික තිරසාරභාවයට Environmental Sustainability මෙවැනි යන්ත්‍ර හේතුකාරක වන බව ද පැවසිය හැකි වේ.
එහෙයින් නව ව්‍යවසායකත්ව සොයන ඔබට මෙවැනි ඒකකයක් ඇසුරෙන් ව්‍යාපාරික ලෝකයට පහසුවෙන් අවතීර්ණවීමෙන් මහඟු ප්‍රතිඵල අත්පත් කරගත හැකි මගක් විවරවන බව පැවසිය හැකිවේ. එහෙත් එයට පෙර වියළීමේ තාක්ෂණයට යටින් පවතින මූලික යාන්ත්‍ර විද්‍යාව ඔබ අවබෝධකර ගැනීම ඉතා වැදගත් වනු ඇත.
වියළීමේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කරගැනීමට සහ උසස් තත්වයේ වියළි ආහාර නිෂ්පාදනය කරගැනීම උදෙසා සාමාන්‍ය සරල සූර්ය වියළන යන්ත්‍රයක Solar Dryer තද පැහැති වර්ණක ද්‍රව්‍ය Dark-colored materials ඇසුරෙන් ආලේපකර සකසා ඇති අවශෝෂක පෘෂ්ඨ මතුපිටට සූර්ය විකිරණ Solar Radiation පතිත වූ විට, එහි ගැබ්වූ ශක්තිය, තාප ශක්තිය Heat Energy බවට පරිවර්තනය කරයි. අනතුරුව එම තාපය සංවෘත වියළන කුටියක් තුළට යොමුකරන, වාතයට හෝ කෙලින්ම වියළීමට භාජනය කරවන ආහාර ද්‍රව්‍ය මතුපිටට යොමු කෙරේ. මෙම ඒකකයේ වියළන කුටිය වටා වූ පරිවරණ ද්‍රව්‍ය Insulation තාපය ආරක්ෂා කිරීමට සහ තාප හානිය අඩු කිරීමට උපකාරී වේ. ඒහේතුවෙන් වියළීමේ කුටීරයේ උණුසුම රැකගනී. ඊළඟ තීරණාත්මක අදියර වන්නේ වායු සංසරණය කරවීම සහ තෙතමනය ඉවත් කිරීමයි. මක්නිසාදයත්, ස්ථීර වියළීම Consistent Drying ප්‍රවර්ධනය කිරීම සහ වියළන කුටිය තුළ තෙතමනය රැඳීම වැළැක්වීම සඳහා ප්‍රමාණවත් වායු සංසරණයක් අවශ්‍යවන හෙයිනි. අනතුරුව ජලවාෂ්ප සහිත එම වායු ප්‍රවාහය පිටතට යොමු කෙරේ. ඉන්පසුව විජළනයට පත්වූ ආහාර ද්‍රව්‍ය යන්ත්‍රය තුළින් ඉවතට ගතහැකි වේ. කෙසේ වුවද, අවශෝෂක ද්‍රව්‍ය වර්ගය, වියළුම් තැටි/රාක්ක මතුපිට වපසරිය සහ සූර්යාගේ ගමන් මගට අනුකූලව මෙම යන්ත්‍රය දිශානත කිරීම ඇතුළු විවිධ පරාමිතීන් මත මෙවැනි සූර්ය වියළනයක කාර්යක්ෂමතාවය රඳා පවතින බව මෙහිදී අවධාරණය කරමු.
මේ උදෙසා තනන ලද සෘජු සූර්ය වියළුම් යන්ත්‍ර Direct Solar Dryers බහුලව දැකගතහැකි වඩාත් ප්‍රාථමික මොස්තරයක් බව පෙන්වා දිය හැකිවේ. මෙම පද්ධති තුළ වූ ආහාර නිෂ්පාදන වියළීම සඳහා සෘජුවම හිරු එළිය ඒ වෙත පතිතවීමට සළස්වනු ලැබේ. සාමාන්‍යයෙන් ඒවා සකසා ඇත්තේ තනි ස්ථරයක නිෂ්පාදන රඳවා තබා ගන්නා තැටි හෝ රාක්ක සහිතව යි. එයට අදාලව පිහිටවූ අවශෝෂක පෘෂ්ඨය මඟින් හිරුගේ සූර්ය විකිරණ උකහාගෙන තාපය ලෙස නැවත මුදාහරී. එම තාපය ඇසුරෙන් උණුසුම්කළ වාතය, ආහාර ද්‍රව්‍ය හරහා හෝ ඒ මතින් ගමන් කිරීමට සලස්වා, ඒවායෙහි අන්තර්ගතවූ තෙතමනය අවශෝෂණයකර ගෙන වාෂ්පීකරණයට ලක්කර අවට වාතයට මුදාහැර වියළීමේ ක්‍රියාවලිය ඉටුකර ගනු ලැබේ. මෙම ක්‍රමයේදී යන්ත්‍රය ඇතුලත උණුසුම් වාතය සංසරණය කිරීමට ස්වභාවිකව වාතය සංවහනය හෝ බල සහායක වායු ප්‍රවාහ තාක්ෂණය Forced Air-flow Technology උපකාරකර ගැනේ.
මේ ආකාරයේ වියළන යන්ත්‍රයක කාර්යක්ෂමතාව තීරණය වන්නේ සූර්ය විකිරණ පතිතවන කෝණය හා තීව්‍රතාවය, වියළුම් කුටිය තුළ වාතය ගලායාමේ වේගය හා ස්වරුපය සහ පරිසර උෂ්ණත්වය මත වේ. මෙවැනි යන්ත්‍රයක සැකස්ම ඉතා සරල ය. එහෙයින් යන්ත්‍ර නිෂ්පාදන වියපැහැදම ද අඩු ය. කෙසේ වුවද මේවා වෙතින් ප්‍රශස්ත වියළීමේ කාර්ය සාධනයක් ලබාගැනීම සඳහා සමීප නිරීක්ෂණයක් අවශ්‍යවන බව සදහන් කරමි.
සෘජුවම හිරු එළියෙන් ආහාර විජලනය කිරීමේ ක්‍රමවේදයෙන් වෙනස් මුහුණුවරක් ගත් යන්ත්‍ර විශේෂයක් ලෙස චක්‍රාකාර සූර්ය වියළන යන්ත්‍ර Indirect Sun Dryers හඳුන්වාදිය හැකිවේ. මෙම යන්ත්‍ර තුළ, සූර්යාලෝකය ඇසුරෙන් ගොඩනගන තාප ශක්තිය, වාතය හෝ වෙනත් මාධ්‍යයක් රත් කිරීමට භාවිතා කෙරේ. ඒ උදෙසා සාමාන්‍යයෙන් සූර්ය කිරණ එකතු කරන ඒකකයක් Solar Collector හෝ අවශෝෂක පැනලයක් Absorber Panel ඇතුළත් වන අතර එය සූර්ය ශක්තිය Solar Energy අවශෝෂණය කර තාප හුවමාරුවකට Heat Exchanger හෝ වායු නලයකට Air Duct යොමු කරයි. ඉන් උණුසුම්කරවූ වායු ප්‍රවාහය, විදුලි පංකා හෝ පිඹින යන්ත්‍ර Blowers භාවිතයෙන් වියළුම් කුටිය තුළ චක්‍රාකාරව සංසරණයවීමට සලස්වනු ලැබේ. එහි ප්‍රතිඵලයක් ලෙස වඩාත් නියාමනය කළ වියළන පරිසරයක් ඒ තුළ ඇති කරයි. ඒ ඔස්සේ ආහාර ද්‍රව්‍ය විජලනයට නතුකර ගැනේ. පාලනය කළහැකි ක්‍රමවේදයකට නතුව සපයන උණුසුම් වායු ප්‍රවාහය Controlled Airflow වියළන කුටිය තුළ ප්‍රශස්ත වියලීමේ තත්වයන් සඳහා දායකවන අතර ආහාර ද්‍රව්‍යයන් අධිකව උණුසුම්වීම හෝ වියළීම ද ඒ හේතුවෙන් වළකා ගැනීමට අවස්ථාව සැලසේ.
විශේෂයෙන්ම කාලගුණික විචල්‍යයන් Weather Fluctuations නොතකා වඩාත් ස්ථාවර වියළන තත්‍වයක් ලබාදීමේ හැකියාව මේවාට පවතියි. සෘජු සූර්ය වියළන යන්ත්‍රවලට වඩා චක්‍රාකාර සූර්ය වියළන යන්ත්‍ර තැනීම සඳහා ඉහල පිරිවැයක් දැරීමට සිදුවේ. කෙසේ වුවද ඉහත සඳහන් කළ ආකාරයේ සූර්ය විජලන ඒකකයක් ස්ථානගත කිරීමේදී සූර්ය ගමන මත එය පිහිටුවන දිශාව සහ සූර්ය කිරණ රැස්කරන පෘෂ්ඨයේ ඇල කෝණය Angle of Tilt එහි කාර්යක්ෂමතාවයට සහ ක්‍රියාකාරීත්වයේ සාර්ථකත්වයට බලපාන බව සිතන්න. එහෙයින් ඉතා මැනවින්, සූර්ය විකිරණ අවශෝෂණය උපරිම කරන කෝණයකින් දවස පුරා හිරු එළිය වැඩිපුරම ලැබෙන පරිදි ඒවා ස්ථානගත කළ යුතු වේ.
මෙම වියළුම් යන්ත්‍ර මෝස්තර සරල වන අතර දේශීයව සපයාගත හැකි අමු ද්‍රව්‍ය භාවිතා කර පහසුවෙන් ඒවා නිපදවාගත හැකිවේ. එහෙයින් යන්ත්‍රයක් තමන් සතුකර ගැනීමේ පිරිවැය අඩුවේ. ඒවා පහසුවෙන් නඩත්තු කිරීමට ද හැකියාව තිබේ. එහෙයින් මෙහෙයුම් පිරිවැය Operational Expenses අවම වනු ඇත.
එසේ වුවද තාක්ෂණය සමගින් කාලීනව බද්ධවීවෙමින් මේ උදෙසා සූර්ය බලයෙන් ක්‍රියාත්මක කළහැකි කුඩා පරිමාණ ස්වයංක්‍රීය සුහුරු සූර්යබල වියළන යන්ත්‍රයක් Smart Solar Power Dryer නව ව්‍යවසායකයකු වශයෙන් ව්‍යාපාරික ලෝකයට පිවිසෙන ඔබට කදිම ආයෝජනයක් බව පෙන්වා දෙමු. එවැන්නක් දුරස්ථව සිට වුවද, එහි ක්‍රියාකාරිත්වය පාලනය කිරීම සහ නිරීක්ෂණය කිරීම සඳහා හැකියාව පවතී. විශේෂයෙන්ම පරිගණක තාක්ෂණය Information Technology සහ සංවේදක තාක්ෂණය Sensor Technology හා ක්ෂුද්‍රපාලකයක් Microcontroller , සුහුරු ජංගම දුරකථනයක් හෝ ටැබ්ලටයක් සමග වූ ඒකාබද්ධ භාවිතය ඔස්සේ ක්‍රියාකරවිය හැකි සුහුරු සූර්යබල වියළුම් යන්ත්‍රයක වෙළඳපොල ආගමනය මේ වනවිටත් සිදුවී තිබීම ඔබගේ අපේක්ෂාවන් මුදුන්පමුණුවා ගැනීමට වාසිදායක තත්වයක් නිර්මාණයකර තිබේ.
IoT තාක්ෂණය මත පදනම්ව ක්‍රියාකරන මෙවැනි සූර්යබල වියළන යන්ත්‍රයක සේවාව ලබාගැනීම උදෙසා බැටරි චාජරයක්, සරලධාරා බැටරියක්, සූර්ය බලශක්ති ඉන්වර්ටරයක් ද උපයෝගිකර ගැනේ. ඒ අනුව ස්වයංක්‍රීයව වියළුම් ක්‍රියාවලිය මෙහෙයවීම උදෙසා අධාරවන ඉලෙක්ට්‍රොනික පරිපථ කට්ටලය එහිම සවිකර තිබේ. එහි පවතින එක් ඉලෙක්ට්‍රොනික පරිපථයක් වියළන යන්ත්‍රයෙන් පිටත සහ ඇතුළත වාතයේ වියළි උෂ්ණත්වය සහ සාපේක්ෂ ආර්ද්‍රතාවය සංවේදනය කරයි. අනෙක් පරිපථය ආලෝකයේ තීව්‍රතාවය මැන බලයි. ඒ සමග වියළුම් කුටීරය තුළ ආර්ද්‍රතාව හා උෂ්ණත්වය පාලනය කිරීමට, උණුසුම්කළ වාතය ගලා යාමේ වේගය හා සංසරණය පාලනය කිරීමට විදුලි පංකාවක්ද සහායකර ගැනේ. මෙකී ඒකක සියල්ලම අවශ්‍යතාවමත සක්‍රිය / අක්‍රිය කිරීමට පරිඝණක මෘදුකාංග වැඩසටහනක් ආධාරකර ගැනේ. ඒ ඇසුරෙන් මෙහෙයුම් කටයුතු උදෙසා ක්ෂුද්‍ර පාලකය Microcontroller වෙත අවශ්‍ය තොරතුරු යොමුකිරීමට ක්‍රියාකළ හැකිවේ.
මේ හේතුවෙන් වියළුම් යන්ත්‍රයේ සංවෘත කුටිය තුළ වියළීම සඳහා සුදුසු පාලිත පරිසරයක් නිර්මාණය කර ගැනීමට පහසුවී තිබේ. ඒ අනුව වියළුම් කුටීරය තුළ පූර්ව නිගමනය කළ අගයයන් මත උණුසුම පාලනය කිරීමට, එය තුළට උණුසුම් වාතය පෝෂණය කිරීමට, වියළුම් කුටිය පුරා නියත ප්‍රතිශතයකින් ආර්ද්‍රතාවය පවත්වා ගැනීමට සහ වියළන කාල වේලාව පාලනය කිරීමට ඊට අදාල සංවේදක උපයෝගීකර ගැනේ. වියලීමේ ක්‍රියාවලිය සිදුවන අවස්ථාවේදීම එකී එක් එක් කාර්ය යන්ත්‍රය මත සවිකර ඇති කුඩා ඩිජිටල් පුවරුවක් Digital Display Screen වෙතින් දැනගැනීමට අවස්ථාව සලසා දෙනු ලැබේ. එමෙන්ම එහි ක්‍රියාකාරිත්වය අවසන්බව දැන්විමට හෝ සංඥාකිරීම උදෙසා බසරයක් Buzzer සක්‍රියවීමට සලස්වා තිබේ. කෙසේ වුවද අවශ්‍යතාවය මත මෙම අගයයන් වෙනස්කර ගැනීමට හා නැවත නැවත සැකසීමට වුවද හැකියාව පවතී. ඉන් බැහැරව බ්ලූටූත් හෝ වයි-ෆයි ක්‍රමවේදය හරහා එය මෙහෙය වන්නාගේ ටැබ්ලටය හෝ සුහුරු ජංගම දුරකතනය ඔස්සේ යන්ත්‍රයේ මෙහෙයුම් ක්‍රියාපටිපාටිය පාලනය කිරීමට ද අවස්ථාව සලසා ගතහැකිව තිබේ.
මෙවැනි යන්ත්‍රයක් මගින් අඹ, වරකා, කෙසෙල්, දොඩම්, ආදී පලතුරු මෙන්ම මඤ්ඤොක්කා, කැරට්, අර්තාපල්, සුදුළූණු, ඉඟුරු, ළූණු, බිම්මල් සහ තවත් බොහෝ එළවළු පහසුවෙන්ම විජලනය කරගත හැකි වේ. ඒ සඳහා වෙනස් කළ හැකි උස හා පරතර සහිත බහු රාක්ක සහිත යන්ත්‍ර උපයෝගීකර ගැනීම ඔබට අමතර ප්‍රතිලාභයක් ගෙන දෙනු ඇත. එමෙන්ම මෙවැනි සූර්යබල වියළුම් යන්ත්‍ර තුළදී මෘදු වියළීමේ ක්‍රමවේදයක් Mild Drying පවතින හෙයින් වියළි ආහාරවල ස්වාභාවික වර්ණය Natural Color, රසය Flavor සහ වයනය Texture ආරක්ෂා කර ගැනීමටත්, ඒවායේ පෝෂණ අගය Nutritional Value ආරක්ෂා කිරීමටත් එය උපකාරීවනු ඇත. මෙම යන්ත්‍ර තුළදී ආහාරවල ඇති විටමින්, ඛණිජ ලවණ සහ එන්සයිම වලට හානි කළ හැකි අධි-උෂ්ණත්ව වියලීමේ තාක්ෂණයන් භාවිත නොවන හෙයින් ආහාර ද්‍රව්‍යයන්ගේ පෝෂ්‍ය පදාර්ථ විනාශවීමක් සිදු නොවේ. විශේෂයෙන්ම වියළන උෂ්ණත්වය සහ වායු ප්‍රවාහය පිළිබඳව පාලනයක් කළ හැකිවේ. එහෙයින් වියළීමට බඳුන්කරන ආහාරවල පෝෂණ අගය හා වර්ණය සංරක්ෂණය වීම නිතැතින්ම සිදුවේ.
විශ්වසනීයත්වය වැඩි දියුණු කිරීම සහිත සුහුරු තාක්ෂණය Smart Technologies සමඟ ඒකාබද්ධවී දිගු කාලීන භාවිතය සඳහා කාලගුණයට ඔරොත්තු දෙන මළකඩ නොකන හා අධික උණුසුමට ඔරොත්තු දෙන ඇලුමිනියම් මිශ්‍රිත ලෝහ, මල නොබැඳෙන වානේ, Galvanized steel, Tempered- Glass හෝ Polycarbonate Sheet, භාවිතකර මෙම යන්ත්‍ර නිපදවනු ලැබේ. ඒවායෙහි ප්‍රමාණය සහ ධාරිතාව තීරණය වන්නේ වියළන නිෂ්පාදන වර්ගය, පවතින ඉඩකඩ සහ අපේක්ෂිත වියළන පරිමාව වැනි නිර්ණායක මත වේ. ඒ අනුව විශාල වියළුම් යන්ත්‍ර මෝස්තර සඳහා අතිරේක ව්‍යුහාත්මක ආධාරක සහ වායු ප්‍රවාහ කළමනාකරණ පද්ධති අවශ්‍ය විය හැකිබව ද මෙහිලා සඳහන් කරමි. කෙසේ වුවද වෘත්තීය ස්ථාපන සේවා පිරිනැමිය හැකි ආයතනයක් වෙතින් මෙවැනි යන්ත්‍රයක් මිලදී ගැනීම ඔබට වඩාත් වාසිදායක වේ. එමෙන්ම අවශ්‍ය අවස්ථාවකදී ප්‍රතිස්ථාපන කොටස් සපයාදිය හැකි සහ දෝෂ නිරාකරණයට ඉදිරිපත්වන ආයතනයක් තෝරා ගැනීමට යොමු වන්න.
කුමන ආකාරයක වියළන යන්ත්‍රයක් වුව ද නිතිපතා පිරිසිදු කිරීම සහ ඒවායෙහි සනීපාරක්ෂාව, විජලනය කරන ආහාර ද්‍රව්‍ය දූෂ්‍යයවීම වැළැක්වීමට සහ වියලන ලද ආහාර ද්‍රව්‍යයවල ගුණාත්මකභාවයේ ආරක්ෂාව සහතික කිරීමට ඉතා වැදගත් වේ. ඒ අනුව මෙම යන්ත්‍ර භාවිතයේදී හා ඒවා හැසිරවීමේදී පිරිසිදුකිරීම Cleaning හා විෂබීජහරණය Sanitation කිරීම පිළිබඳව දේශීය අණ පණත් හා නීතිරීති වලට ඔබ අනුගත විය යුතුවේ. එමෙන්ම යන්ත්‍රයට අදාල විදුලි පංකා, අවශෝෂක, වාතාශ්‍ර මං සහ මුද්‍රා වැනි තීරණාත්මක සංරචක වරින් වර පරීක්ෂා කිරීම, ඒවා අක්‍රියවීම හෝ කාර්යක්ෂමතාව අඩුවීම වළක්වා ගැනීම සඳහා උපකාරීවන බව මෙහි ලා අවධාරණය කරමු. එබැවින් පරිහරණයේදී කැඩුණු හෝ භාවිතයට නුසුදුසු වූ ඕනෑම කොටසක් වහාම ප්‍රතිස්ථාපනය කළ යුතුවේ.
ව්‍යවසායකයෙකු ලෙස අලෙවිය සඳහා ආහාර බෝග වියළා සැකසීමට සහ අලෙවි කිරීමට බලාපොරොත්තු වන ඔබට මෙවැනි යන්ත්‍රයක් වඩා සුදුසු වේ. බල විදුලිය සඳහා සීමිත ප්‍රවේශයක් ඇති ප්‍රදේශ උදෙසා වඩාත් පහසුවෙන් පරිහරනය කළහැකිවීම මේවායෙහි පවතින වාසිදායක තත්වයකි. මක් නිසාද විදුලිය මත යැපීම අඩු කරන හෙයිනි. කාලයත් සමඟ සැලකිය යුතු පිරිවැය ප්‍රමාණයක් ඉතිරි කරදෙයි. ශුන්‍ය අපද්‍රව්‍ය Zero-Waste නිෂ්පාදන රටාවකට සහය වන අතරම කාබන් පියසටහන Carbon Footprint අඩුකර ගැනීමට ද එමගින් අවස්ථාව උදාකරයි. මේ උදෙසාවන ඔබගේ වත්මන් ආයෝජනය, දිගුකාලීන පිරිවැය හමුවේ වාසිදායක ප්‍රතිඵල උදාකරනු ඇත. එබැවින් මූලික ආයෝජන වියදම් Initial investment costs පිළිබඳව බිය විය යුතු නොවේ. කෙසේ වුවද ඒ උදෙසා මූල්‍ය ක්ෂේත්‍රයේ ආයතන සමග රජයේ මූල්‍ය යෝජනා ක්‍රම Finance Schemes ගලපා ගැනීමට උත්සුක වන්න.
මෙවැනි ව්‍යාපාර ආහාර අනාරක්ෂිත භාවය Food Insecurity සහ පාරිසරික හානි Environmental Damage පිළිබඳ ගැටළු සඳහා ශක්‍ය විසඳුමක් Feasible Solution අපට සපයා දෙයි. තාක්‍ෂණයේ නව සංකල්ප පුළුල්වනවිට, සූර්යබල වියළන යන්ත්‍ර භාවිතය ද ඉහළ යනු ඇතැයි පුරෝකථනයකර ඇති අතර, එය වඩාත් ශක්තිමත් ලෙසින් තිරසාර ගෝලීය ආහාර දාමයක් Global Food Chain ගොඩනගා ගැනීමට කෙරෙහි දායකවන බවට විශ්වාස කෙරේ. ඒ අනුව සූර්යබල වියළන යන්ත්‍ර ඇසුරෙන් එළවළු හා පලතුරු විජලනයකර, ඒවා ඇසුරුම්කර අලෙවි කිරීමට යොමුවන කෘෂි ව්‍යවසායකත්ව අරභයා දීප්තිමත් අනාගතයක් ඇති බවනම් පැහැදිලි වේ.
(Chinese Academy of Agricultural Mechanization Sciences – Beijing හි දී, මා ඉගෙනගත් කරුණු මත දේශීය කර්මාන්ත කේෂ්ත්‍රයේ අභිවෘද්ධිය පතා මෙය ඉදිරිපත්කරන බව කාරුණිකව සලකන්න.)
මෙම ලිපිය හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය / HARTI විසින් DevPro Guarantee Limited හි මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කරනු ලබන ‘ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයින් අතර ධාරිතාව ගොඩනැගීම සහ ජාලකරණය හරහා ව්‍යාපාරික අවස්ථා සහ කර්මාන්ත සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම’ නම් වැඩසටහන මඟින් ‘ ලබා දෙන ලද ලිපියකි.
එම්. එම්. පාලිත මහින්ද මුණසිංහ