ශ්‍රී ලංකාවේ Lovol Harvesters සඳහා බලයලත් බෙදාහරින්නා වන DIMO විසින් පසුගියදා චීනයේ Lovol මධ්‍යස්ථානයේ පැවති 2025 Weichai Lovol ගෝලීය හවුල්කරුවන්ගේ සමුළුවේදී (Weichai Lovol Global Partners Conference) ඇගයීම් දෙකක් දිනා ගත්තේය.
ඩීමෝ Loyal Partner සම්මානයෙන් පිදුම් ලැබුවේ, Lovol සමඟ අන්‍යෝන්‍ය වර්ධනයක් ඇති කර ගැනීමට එහි කල්පවත්නා හවුල්කාරිත්වය සහ කැපවීම අගයමිනි. මීට අමතරව, කලාපය තුළ Lovol සන්නාමය සැලකිය යුතු ලෙස ඉහළ නංවා ඇති එහි නව්‍ය සහ බලපෑමෙන් යුත් අලෙවිකරණ උපාය මාර්ග සඳහා සමාගමට ‘විශිෂ්ට අලෙවිකරණ ක්‍රියාකාරකම් සැලසුම් සම්මානය (Outstanding Marketing Activity Planning Award) පිරිනමන ලදී.
රටවල් 70කට අධික සංඛ්‍යාවකින් 400කට අධික පිරිසක් සහභාගි වූ මෙම සුවිශේෂී අවස්ථාවට DIMO නියෝජනය කරමින් කෘෂි යන්ත්‍රෝපකරණ අලෙවි අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අමිල ද සිල්වා සහ සහකාර අලෙවි කළමනාකරු මලිත් රුද්‍රිගු සහභාගි වූහ.
මෙම ඇගයීම් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය ප්‍රගමනය කිරීම සඳහා DIMO හි දායකත්වය අවධාරණය කරයි.