කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ නිරත ගොවීන්ට රක්ෂණ ක්‍රමයක්

කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ නිරත ගොවීන් සදහා වාර්ෂිකව අලුත් කළ හැකි පරිදි හදිසි අනතුරු ජීවිත රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත.

රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම යටතේ ලංකාවේ කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ නිරත කාර්මිකයන්ගෙන් ලැබුණු ඉල්ලීම් පදනම් කර ගනිමින් මෙය සැලසුම් කර ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා සදහන් කරයි.

ඒ අනුව කිතුල්, පොල් සහ තල් කර්මාන්තයේ නියැලී සිටින කාර්මිකයන් ජීවිතය පරදුවට තබමින් කිතුල්, පොල් සහ තල් ගස්වල නැග තම කර්මාන්තය කර ගෙන යාමේ දී විවිධ අනතුරුවලට ලක්වීම පිළිබඳව සළකා බලා එවැනි අවස්ථාවන්හිදී ඔවුන්ගේ පිළිසරණය වෙනුවෙන් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

මේ යටතේ රුපියල් 500,000, රුපියල් 1,000,000 සහ 2,000,000 යන රක්ෂිත ආවරණථ මරණයකදී සහ පූර්ණ අකර්මණ්‍යතාවයකදී හිමිවන අතර තාවකාලික අකර්මණ්‍යතාවලදී මෙන්ම හදිසි අනතුරු මගින් රෝහල්ගත වීමේ දී ද රක්ෂණ ආවරණ ලබා දෙයි.

මෙම රක්ෂඛ ආවරණ රුපියල් 2000, රුපියල් 4000, සහ රුපියල් 8,000 වැනි ඉතා සුළු වාර්ක ම්ටටම යටතේ ඉහත සදහන් රක්ෂණ හිමිකම් සදහා දායක වීමට අවස්ථාව සලසා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර ඇති අතර ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

Ad Widget

Recommended For You

About the Author: Thushal Withanage

Leave a Reply

Your email address will not be published. Required fields are marked *