
වවුනියාව දිස්ත්‍රික්කයේ කෝවිල්කුලම් ගොවිජන සේවා මධ්‍යස්ථාන බලප්‍රදේශයට අයත් වෛරවපුලියන්කුලම් වැව, එහි වැව් බැම්ම ඇතුළු අවට පරිසරය තමන්ගේම පෞද්ගලික උත්සාහයෙන් හා කැපවීමෙන් අඛණ්ඩව නඩත්තු කිරීමට කන්දසාමි සදානන්දන් මහතා කටයුතු කරයි.
මීට අමතරව, එම ප්‍රදේශයට ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම වැළැක්වීම සඳහා මහජනතාව දැනුවත් කිරීමට ද ඔහු පියවර ගනිමින් සිටියි.
ඔහු විසින් ඉටු කරන ලද මෙම කැපවීමෙන් යුත් සමාජ සේවය සහ පරිසර ආරක්ෂණය වෙනුවෙන් දැක්වූ වටිනා දායකත්වය අගයමින්, වවුනියා දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස් කේ. විමලරූබන් මහතා සහ අනෙකුත් නිලධාරීන් විසින් ඔහුව මෙලෙස ඇගයීමට ලක් කරන ලදී.

